‘ඉදිරි තරගවල කුසල්ගේ ස්ථානය නිශ්චිත නෑ..මට ඒ ගැන සහතික වෙන්න බෑ’..පිතිකරණ පුහුණුකරු තිලාන් කියපු කතාව
කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවා ලෙස යොදා ගැනීම බංගලාදේශ සංචාරයේදී ගත් උපක‍්‍රමික තීරණයක් බවත් එම තීරණය ඉදිරියටත් ක‍්‍රියාත්මක වේද යන්න තමාට නිශ්චිතවම පැවැසිය නොහැකි බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පවසනවා. ඉන්දියානු සංචාරයෙන් ඉවත්ව සිටි කුසල් මෙන්ඩිස් බංගලාදේශ තරග සංචාරය සදහා කැදවූ අතර එහිදී ආර්ම්භක පිතිකරුවශයෙන්ටෙස්ට්තරගාවලියේ ලකුණු 196ක් ලබා ගැනීමටත් විස්සයි විස්ස තරගාවලියේ අර්ධශතක දෙකක් රැස් කරමින් තරගාවලියේ වීරයා සම්මානය හිමිකර ගැනීමටත් සමත්විය. එහිදී තිලාන් පවසා සිටියේ මෙන්ඩිස්ගේ පිිතිකරණයේ යම් වෙනස්වීම් කිහිපයක් කළ බවත් එය ඔහුගේ සාර්ථකත්වය හේතුවක් වී ඇති බවයි මේ අතර ටෙස්ට් තරගාවලියේ දස්කම් දක්වමින් තරගාවලියේ වීරයා වූ රොශේන් සිල්වා පිලිබදව තිලාන් සමරවීමට අදහස් දක්වා සිටි අතර ඔහු පවසා සිටියේ රොශෙන් අත්දැකීම් බහුල ක‍්‍රිඩකයකු බවයිඔහු මනසින් ගොඩක් ශක්තිමත්..රොශෙන් අවුරුදු 10ක් විතර පළමු පෙල තරග ක‍්‍රීඩා කරල තියනව වගේම එංගලන්ත ප‍්‍රාන්ත තරගවලත් ක‍්‍රීඩා කරල ඔහුට අත්දැකීම් තියනවා.