කණ්ඩායම් දෙකෙන්ම ලකුණු 488ක් විස්සයි විස්ස ඉතිහාසය වෙනස් කළ තරගය මෙන්න මොරු කැන්ගරු සටන video
ආරම්භයේ සිටම නවසීලන්ත පන්දු යවන්නනට අනුකම්පා විරහිත ප‍්‍රහාරයක් දියත් කළ කැන්ගරු ආරම්භක පිතිකරුවන් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 121ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වියඑහිදී නායක ඩේවඩ් වෝනර් පන්දු 24කදී හයේ පහර 05ක් හා හතරේ පහර 04ක් සමගින් ලකුණු 59ක් රැුස් කළ අතර මැතිව් ශෝට් පන්දු 44කදී හයේ පහර 03ක් හා හතරේ පහර 08ක් සමගින් ලකුණු 76ක් රැුස් කළේය.
,p>තරගයේ අවසන් භාගයේ ඇරොන් ෆින්ච් හා ග්ලේන් මැක්ස්වෙල් නවසීලන්ත පන්දුයවන්නනට හට එළව එළවා පහරදුන් අතර මැක්ස්වෙල් ලකුණු 31ක්ද ෆින්ච් නොදැවී වේගවත් ලකුණු 36ක්ද ලබා ගත්හකාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස ඉතිහාසයේ නවසීලන්ත කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛයාව සමකරමින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06කට ලකුණු 243ක් රැස් කිරීමට සමත්විය.එහිදී ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් ජාත්‍යන්තර විස්සයි – 20 තරග කාණ්ඩයේ වැඩිම ලකුණූ ලබාගත් පිතිකරුවා බවට පත් වෙමින් ශතකයක් වාර්තා කිරීමට සමත් විය.මීන් පෙර විස්සයි – 20 වැඩිම ලකුණු ලාභියාව සිටි නවසීලන්ත ක්‍රීඩක බෙන්ඩම් මැකලම් ලබා සිටි ලකුණු 2140 අභිබවා යමින් ගප්ටිල් මෙම දක්ෂතාවය දැක්වීමට සමත් විය.එ අනුව ඔහු ලකුණූ 2188 ක් ලබා සිටියි.
කොලින් මුන්රෝ සමග එක්වෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 132ක් එක් කළ ගප්ටිල් දැවී යන විට පන්දු 54කදී හයේ පහර 09ක් හා හතරේ පහර 06ක් සමගින් ලකුණු 105ක් රැස් කරගෙන සිටියේය.මුන්රෝ පන්දු 33කදී හයේ පහර 06ක් හා හතරේ පහර 06ක් සමගින් ලකුණු76ක් රැස් කළේය.
ඒ අනුව තුන්කොන් තරගාවලියේ තමන් සහභාගී වූ තරග සියල්ල ජයගනිමින් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම එහි පෙරමුණේ සිටින අතර එක් තරගයක් ජයගත් නවසීලන්ත කණ්ඩායම දෙවැනි තැන පසුවෙයි.

Comments
Post a Comment