‘මම මෙතැන ඉන්නකම් ඒක වෙන්නේ නෑ..’ජීවන් ආපු විදියට එන්නත් පුළුවන් වැඩ බැරිනම් යවන්නත් පුළුවන්..මෙන්න ජිවන්ට වෙන දේ
එක සංචාරයකි තුන් ආකාරයක තරගාවලි තුනක්ම එහි වූයේය තරගාවලි තුනම ජයග්‍රහණයෙන් අවසන් කිරීමටලංකා කණ්ඩායමසමත්වියශ්‍රී ලංකාකණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් තමන්ගේ පළමු පැවරුමේදීම එවන් සාර්ථකත්වයක් ගෙන ආ චන්දික හතුරුසිංහ මහතාගෙන් ඊටත් වඩා දෙයක් ඉල්ලා සිටීමට නුපුළුවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් එය ඔහුගේ ගමනට කදිම ආරම්භයක් වනු ඇත.
බංග්ලාදේශයේදී ලබාගත් ජයග්‍රහණ වලින් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හතුරුසිංහ කියා සිටියේ මනා සන්නිවේදනය නම්‍යශීලීතාව උපක්‍රමයක් ලෙසින් භාවිතා කිරීම මෙන්ම නිදහස් වාතාවරණය මෙම ජයග්‍රහණ සඳහා පාදක වූ බවයි සංචාරයේ පළමු තරග දෙක පරාජය වුණත් අපි දැනගෙන හිටියා අපට නැවතත් දස්කම් අතරට එන්න පුළුවන් කියලා. පළමු තරග දෙකේදී ඒගොල්ලන් හොඳින් ක්‍රීඩා කළා තමයි. ඒ වෙලාවේ අපි ඒක පාවිච්චි කළේ තත්ත්වයට හුරුවෙන්න.
ඒ එක්කම අපේ උපක්‍රම කිහිපයකුත් වැරදුණා. ඒත් අපි ඊළඟ තරග වලදී ඒවා හදාගත්තා” යයිද හතුරුසිංහ මහතා පැවසීය හතුරුසිංහ මහතා කීවේ ක්‍රීඩකයන්ට ලැබුණු නිදහස් වාතාවරණය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා වැඩියෙන්ම බලපෑ සාධකය බවයි. පුහුණු කාර්ය මණ්ඩලයෙන්ද ඔවුන් ඉතාමත් හොඳ සහයෝගයක් ලැබිණ.
ඔවුන්ගේ ප්‍රශ්න ගැන අපි විශේෂ අවධානයක් යොමුකළාඒවා ගැන කතා කළා. ඔවුන්ගේ අදහස් ගත්තා. අපේ අරමුණ වුණේ ප්‍රතිඵලය ගැන හිත කරදර කරගන්නේ නැතිව නිදහසේ ක්‍රීඩා කරන්න ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන එකයිශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මත පවතින්නේ නැතිව දක්ෂතා පිරි ක්‍රීඩකයන් රැසක් සහිත සංචිතයක අවශ්‍යතාවය ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ අවධාරණය කර ඇති අතර පසුගිය කාලයේ දේශීය පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ටද කණ්ඩායමට පැමිණිය හැකි බවට ඉඟියක් ද ඔහු ලබා දී ඇත.චන්දික පුහුණුකරුට අමතරව තේරීම් කමිටු නිලධාරියෙකු ලෙසද කටයුතු කිරීම නිසා මේ තීරණය ක්‍රියාත්මක කිරීමට පහසු වනු ඇත.
මම මෙතැන ඉන්නකම්, මා හිතන්නේ නෑ ඔබ එකම කණ්ඩායමක් දිගින් දිගටම දකීවි කියලා”“දස්කම් පෙන්වන ක්‍රීඩකයන් නිරන්තරයෙන් කණ්ඩායමේ රැඳී සිටීවි. ඒත් අපි හැම වෙලාවෙම බලන්නේ තරගයක් ජයග්‍රහණය කරා ගෙනගිය හැකි ක්‍රීඩක මිශ්‍රණය මොකක්ද කියන එක ගැනයි. ඒ කියන්නේ ඊළඟ අවුරුදු දෙකේදී අපි ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයන් 11 දෙනකුගෙන් විතරක් නෙමේ කියන එකයි” යයිද හතුරුසිංහ මහතා පැවසීය.
එකිනෙකට වෙනස් රටවල් එක්ක තරග කිරීමේදී වෙනස් වෙනස් ස්ථාන සඳහා යොදා ගැනීමට අපට විශාල ක්‍රීඩක සංචිතයක් ඕනා ඒත් එකරඳා තියෙන්නේ ඒ ඒ ක්‍රීඩකයන්ගේ හැකියාවන් සහ ශක්තිය මතයි…..සෑම ක්‍රීඩකයකුටම සාධාරණ අවස්ථාවක් හිමිවෙනවා විතරක් නෙමේ කණ්ඩායම තේරීමේදී තම තමන්ට හිමිවන තැන කොතැනද කියන එක පිළිබඳවත් සෑම ක්‍රීඩකයකුම වැටහීමක් ලැබෙනවා” යයිද හතුරුසිංහ මහතා තවදුරටත් පැහැදිළි කළේය.
මෙම නව ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දියහැකි හොඳම නිදර්ශනය නම් ජීවන් මෙන්ඩිස් යොදාගත් ආකාරයයි. වසර හතරකට පසුව නැවතත් ජාතික කණ්ඩායමට කැඳවන ලද ජීවන් මෙන්ඩිස් සිය පළමු වැනි විස්සයි-20 තරග දෙකේදීම කඩුලු 3 ක් දවාගත්තේය එයින් දෙකක් පළමු තරගයේ පළමු ඕවරයේදීම වියඑයාගේ දස්කම් මොනවාද කියන්න අපි දන්නවා එයාගේ මෑත කාලීන දේශීය තරගවල දස්කම් එක්ක අපි එයාව කැඳෙව්වා. එයාගේ ජාතියේ ක්‍රීඩකයෙක් අපට ඕනෑ වෙලා තිබුණා යයි ජීවන් මෙන්ඩිස් සම්බන්ධයෙන් හතුරුසිංහ මහතා පැවසීය.
ඒත් ඒක ප්‍රතිවාදියා කවුරුන්ද කියන එක මතත්, තරගය පැවැත්වෙන තත්ත්වය වගේම අපට ඒ වෙලාවේ කරන්න ඕන දේ මොකක්ද කියන එකමතත් රඳාපවතිනවා එතැන තියෙන වැදගත්ම දේ තමයි කණ්ඩායමත් එක්ක තියෙන නම්‍යශීලීතාව අපි ඒ ගැන ක්‍රීඩකයන්ට කියලා දීලා තියෙනවා ඒ නිසා ඒ හැමෝම දන්නවා තම තමන්ගේ කාර්යය මොකක්ද කියන එක. අපි ඉදිරියට යන්න යන්නේ එහෙම තමායයිද හතුරුසිංහ මහතා වැඩිදුරටත් පැහැදිළි කළේය.
හතුරුසිංහගේ ගුරුහරුකම් වලින් වඩාත්ම ප්‍රයෝජන ලබාගත් ක්‍රීඩකයකු ඇත්නම් ඒ තිසර පෙරේරාය තවමත් 28 හැවිරිදි වියේ සිටින තිසර පෙරේරා බොහෝ විට හඳුන්වන ලද්සේ හැකියාවන් රැසක් පොදිබැඳගත් නමුත් ඒ කිසිවකින් නිසි ප්‍රයෝජනයක් නොගන්නා අයකු ලෙසිනි එහෙත් බංග්ලාදේශයේදී ඔහු තමන්ගේ නියම හැකියාවෙන් බිඳක් ගෙනහැර දැක්වීය.
බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරග පහේදී පිතිකරුවකු වශයෙන් ලකුණු 44.66 ක සාමාන්‍යයක් රඳවාගත් මේ ජවය පිරි වමත්කාරයා ලකුණු 134 ක් ලබාගත්තේ 154 ක ප්‍රවේගයක් (ප්‍රහාරාත්මක වේගයක් හෙවත් පන්දු 100 කදී ලබාගන්න ලකුණු සංඛ්‍යාව) රඳවාගනිමිනි ඒ අතරවාරයේදී කඩුලු 5 කුත් දවාගත් තිසර පෙරේරා තමන්ගේ හොඳම කොටස විස්සයි-20 තරගාවලියට ඉතිරිකර ගත්තේය.
විස්සයි-20 තරග දෙකේදී නොදැවී 39 ක් සහලකුණු 31 ක් ලබාගත් තිසර බංග්ලාදේශ පන්දු යවන්නන්ට සටනක් දීමට තිබූ අන්තිම සැලැස්මත් කීතු කීතු කර ඉරා දැමීය “තිසර නැවතත් ජාතික කණ්ඩායමට එක්වෙලා ඉන්නේ තරමක කාලයකට පස්සේ ඒ නිසා එයාගේ කාර්යභාරය කුමක් විය යුතුද කියලා අපි එයාට කතා කළා එයාගේ පුහුණු සැලසුම් පවා අපි වෙනස් කළා.
අපි හැමෝම දන්නවා එයා කොයිතරම් දක්‍ෂයෙක්ද කියලා ඒත් ඒකෙන් උපරිම ප්‍රයෝජන අරන් නෑ ඒත් එයා කොයිතරම් දක්‍ෂයෙක්ද කියලා අපිට දැන් පේනවා මා හිතන්නේ එයාට තවත් දියුණුවෙන්න පුළුවන් විතරක් නෙමේ තවදුරටත් විශාල දෙයක් දෙන්න පුළුවන් ඒත් ඒ හැම දෙයක්ම රඳාපවතින්නේ එයාට ලැබෙන අවස්ථාව අනුවයි යයිද හතුරුසිංහ මහතා පැවසීය ලංකා කණ්ඩායමේ මීළඟ පරීක්‍ෂණය තරමක් අසීරු එකකි ඒ නිදහස් කුසලාන තරගාවලියයි. එහිදී ශ්‍රී ලංකා පිලට මුණගැසෙන්නේ පහර කෑ බංග්ලාදේශ පිලත් මේ වන විට ඉතා ඉහළින් පියාසර කරමින් සිටින ඉන්දියානු කණ්ඩායමත්ය.
මේ වන විට විස්සයි-20 ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 3 හිමි ඉන්දීය කණ්ඩායම ජොහැන්නස්බර්ග් නුවරදීම දකුණු අප්‍රිකානුවන් ලකුණු28කින්පරාජය කරමින්විස්සයි20 තරගාවලියේ පෙරමුණ ගෙන සිටී. කණ්ඩායමේ හැකියාවන් සම්බන්ධයෙන් අදහස් දක්වන නමුත් හතුරුසිංහ මහතා තරග ප්‍රතිඵල පිළිබඳ වැඩිදුර අදහස් දැක්වීමට පැකිළෙයි.

Comments
Post a Comment