බංගලියොන්ට රිදෙන්නම කුසල් ගහපු සුපිරි ඉනිම මෙන්න ආයෙත් වසන්තය් උදා වුනා නේද video

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කන්ඩායම අතර බංගලාදේශයේ ශිල්ත් ක‍්‍රිඩාංගණයේ පැවැතිදෙවැනි විස්සයි විස්ස තරගයෙන්ලකුණු75 දැවැන්තජයක්හිමිකරගැනිමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්විය.ඒ අනූව තරග 02කින් යුත් විස්සයි විස්ස තරගාවලිය තරග 2-0ක් ලෙස පුර්ණ තරගාවලි ජයක් හිමිකරගැනිමට ඔවුන් සමත්විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 211ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංගලාදේශ කන්ඩායමට පන්දුවාර 18.4ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 135ක් පමණිආරම්භයේ සිටම ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ අසරණ වූ බංගලාදේශ පිතිකරුවන් පළමු පන්දුවාර 06 තුළදී කඩුලු 03ක් දැවී රැස් කළේ ලකුණු40ක්පමණි.

බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් නායක මහමදුල්ලා පන්දු 31කදි එක් හයේ පහරක් හා හතරේ පහර 04ක් සමගින් ලකුණු 41ක් රැස් කළ අතර තමීම් ඉක්බාල් ලකුණු 29ක් ලබා ගත්තේයපන්දු යැවීමේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශෙහාන් මධුශංක ලකුණු 23ක කඩුලු 02ක් බිද හෙළිමට සමත්වූ අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 03කට කඩුලු 02ක් දවා ගැනීමට සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 210 ක් රැස්කිරීමට සමත්විය පළමු ඕවර 10 තුළදි කිසිවකු නොදැවී ලකුණු 91 ක් රැස්කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ අවසන් ඕවර 10 තුළදී කඩුලු 4 ක් අහිමිකර ගනිමින් බංග්ලාදේශ පන්දුයවන්නන්ගෙන් ලකුණු 119 ක් උදුරා ගැනීමට සමත්වූහ.

සිවුවැනි කඩුල්ල සදහා පන්දු 19 කදී ලකුණු 45 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ උපුල් තරංග සහ දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී 2015 නොවැම්බර් මාසයේදී පැවැත් විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ලකුණු 200 සීමාව පසුකර ඇත.

පිට පිට දෙවැනි අර්ධ ශතකය රැස්කළ කුසල් මෙන්ඩිස් විස්සයි20 තරගවලදි තමන් රැස්කළ ඉහළ ලකුණු සංඛ්‍යාවේ වාර්තාව දෙවැනි වරටත් මෙම තරගාවලියේදී අලුත් කිරීමට සමත්විය. තෙවැනි කඩුල්ල ලෙස මුස්ටෆීසූර් රෙහ්මාන්ගේ පන්දුවක් හමුවේ මෙහෙදි හසන් අතට උඩපන්දුවක් දෙමින් කුසල් දැවීයන විට පන්දු 42 කට මුහුණදෙමින් ලකුණු 70 ක් රැස්කර සිටි අතර හයේ පහර තුනක් සහ හතරේ පහර හයක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.

කණ්ඩායමේ පැවැති තත්ත්වය අනුව උසස්වීමක් ලැබ අංක තුන පිතිකරු ලෙස පන්දුවට පහරදිමට පැමිණි තිසර පෙරේරා දෙවැනි කඩුල්ල සදහා කුසල් මෙන්ඩිස් සමගින් පන්දු 27 කදී ලකුණු 51 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය අබූ ජායිඞ්ගේ මංගල කඩුල්ල ලෙස තිසර පෙරේරා දැවීයන විට පන්දු 17 කට මුහුණදුන් අතර හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 31 ක් රැස්කිරීමට සමත්විය.

කුසල් මෙන්ඩිස් සමගින් එක්ව පළමු කඩුල්ල සදහා පන්දු 66 කදී ලකුණු 98 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ධනුෂ්කගුණතිලක ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකිරීමට යාමේදී හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි තමීම් ඉක්බාල්ට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

පන්දු යවන්නන්ට පහර පිට පහර වදින විට බංග්ලාදේශ නායකයා අතිරේක පන්දු යවන්නෙක් වන සෞම්‍ය සර්කාර් පන්දු යැවීමට කැඳවූ අතර ඔහුගේ පළමු ඕවරයේදීම ලකුණු 42 ක් රැස්කර සිටි ධනුෂ්ක ගුණතිලක දැවී ගියේය. පන්දු 37 කට මුහුණදුන් ධනුෂ්ක ගුණතිලකගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් ඇතුළත් විය.

ලකුණු 15 ක් ලබාසිටියදි අපහසු උඩපන්දුවක් රැකගැනීමට තමීම් ඉක්බාල් උත්සහ කිරීමේදී පන්දුව අතින් ගිලිහි ගිය අතර නැවත වරක් ලකුණු 28ක් රැස්කර සිටියදි මහමුදුල්ලා අතින් උඩපන්දුවක් ගිලිහියාම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකට දෙවතාවක් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාව උදාවිය ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් නිරෝෂන් දික්වැල්ල වෙනුවට අමිල අපෝන්සු කණ්ඩායමට කැදවා ඇති ඔහුගේ මංගල විස්සයි20 තරගය වන්නේය.

බංග්ලාදේශ කණ්ඩායමේ වෙනස්කම් හතරක් සිදුකර ඇති අතර අෆීෆ් හුසේන්රුබෙල් හුසේන් සබීර් රෙහ්මාන් සහ සකීර් හසන් කණ්ඩායමෙන් ඉවත්කර තමීම්ඉක්බාල් මෙහෙදි හසන්, අබූ ජායිඞ් සහ මොහොමඞ් මිතුන් කණ්ඩායමට කැදවූහ.ඒ අනුව බංග්ලාදේශය වෙනුවෙන් විස්සයි20 වරම් දිනාගැනීමට මෙහෙදි හසන් සහ අබූ ජායිඞ් සමත්වූහ.

ශිලාත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම හමුවන පළමු අවස්ථාව මෙන්ම බංග්ලාදේශ කණ්ඩායම ක්‍රීඩා කරනපළමු අවස්ථාවද වන්නේය. මින් පෙර වෙනත් රටවල් මෙම ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරග 6 කට ක්‍රීඩාකර ඇ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක මහමුදුල්ලා රියාද් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

Comments

Popular posts from this blog

‘මම මෙතැන ඉන්නකම් ඒක වෙන්නේ නෑ..’ජීවන් ආපු විදියට එන්නත් පුළුවන් වැඩ බැරිනම් යවන්නත් පුළුවන්..මෙන්න ජිවන්ට වෙන දේ

අැත්තටම ලංකාව දින්නේ කොහොමද හතුරු නිසාද මෙන්න කවුරුත් නොදත් ලොකුම රහස video

ක්‍රිකට් ලොලියෙක් $ 50,000 දින්න සුපිරි උඩ පන්දුව මෙන්න බලන්නකො වාසනාව අතටම ආපු විදිය video