ධනුෂ්ක ගුණතිලක බංගලියන්ට කින්ඩියට දාපු නයි නැටුම බලපු නැති අයට මෙන්න(VIDEO)
ශ්‍රී ලංකාව පරාජයට පත්කිරීම තම මව්බිමේදී එතරම් ප්‍රශ්නයක් නොවන බව ප්‍රකාශ කරමින් බංගලාදේශ කණ්ඩායම තරඟාවලියට පිවිසුනදඔවුන් සිදුවූයේ තරගාවලි තුනෙන්ම අන්ත පරාජයකට ලක්විමටය තුන්කොන් තරගාවලියේ පළමු තරගයෙන් පරාජය වුවත් අන් කිසිදු තරගයකින් ශ‍්‍රී ලංකාව පරාජය කිරීමට බංගලාදේශ කන්ඩායමට නොහැකි විය.
කෙසේ වෙතත් ඊයේ ලැබුණු එම පරාජයත් සමග මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි බංගලාදේශ කන්ඩායමේ වැඩ බලන නායක මහමදුල්ලා ප‍්‍රකාශ කර සිටියේ කණ්ඩායම ගැන නැවත සිතිය යුතු කාලය පැමිණ ඇති බවයි.
ඇත්තටම කිව්වොත් එක තැනක වරද තියෙන්නේ කියල අපිට කියන්න බෑ,මොකද හැම තැනම වැරදුනා,මේ විදියට වෙන්නේ කොහොමද කියල ඉක්මනටම අපේ ක්‍රීඩකයෝ පුහුණුකරුවෝ වගේම අපේ ක්‍රිකට් ලොක්කොත් එකතුවෙලා කතා කරන්න ඕන.මොකද අපිට ලොකු කාලයක් ඉතිරිවෙලා නෑ,නැවත නිදහස් කුසලානෙට අපි යන්න ඕන.
තරඟාවලියට හොඳ සැලසුමක් තිබුනද ක්‍රියාත්මක නොවීම පරාජයට හේතුව බවද මහමදුල්ලා පවසා තිබිණි.”අපි හිතාගෙන හිටපු දේ ඒ විදියට වුනේ නෑ,T20 තරඟයක පන්දු වාරයක ලකුණු 12-15ක් දීල තරඟ දිනන්න බෑ,එහෙම ලකුණු දෙනවනම් කඩුලු ගන්නවත් ඕන.අපි දැක්ක ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඒ විදියට ලකුණු දීපු පන්දුවාර වල ඔවුන් කඩුලු ගත්ත,අපේ අය ලකුණු දුන්න විතරයි කඩුලු ගත්තේ නෑ,මේ විදියට තරඟ දිනන්න අමාරුයි.
තරඟයේ පළමු කොටස මත තරඟයේ තීරණයට ද ලොකු බලපෑමක් විය හැකි බවත් මහමදුල්ලා පවසා තිබිණිමමහිතන්නේ T20 තරඟවල පලවෙනි පන්දුවාර 6 ගොඩක් වැදගත්,මේ වෙලාවේ අපි කඩුලු ගන්න උත්සාහ කරන්න ඕනඑතැනදී තමයි ලකුණු වේගය අඩු කරන්න පුළුවන්හැබැයි ඒ දේ වුනේ නෑ.අපි පන්දුවට පහර දෙද්දී පලවෙනි පන්දුවාර වල කඩුලු දුන්න වැඩියි ඒ දේවල් එක්ක තමයි අපි පරාද වුනේ.

Comments
Post a Comment