අවසන් මොහොතේ කණ්ඩායම දෙකෙම වෙනස්වෙයි..අද ක්‍රීඩා කරන අවසාන කණ්ඩායම් දෙක මෙන්න
අද ක්‍රීඩා කල හැකි බංගලාදේශ කණ්ඩායමමහමදුල්ලා රියාද් (නායක), මොහොමඞ් මිතුන්, සෞම්‍ය සාකර්, නස්මුල් ඉස්ලාම්, සබීර් රෙහෙමාන්, අෆීෆ් හුසේන්, මුස්තෆිසුර් රෙහෙමාන්, රුබෙල් හුසේන්, මොහොමඞ් ශයිෆුඩීන්, මෙහෙදි හසන්, අසිෆුල් හක්.
ශ්‍රී ලංකා කණ්ඩායමද තවමත් අවසන් කණ්ඩායම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කර නැති අතර අසේල ගුණරත්නගේ සහ කුසල් පෙරේරාගේ අබාද තත්වය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් වෙත වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වන්නට ඉඩ ඇත.පසුගිය වසරේ ආරම්භයේ ශ්‍රී ලංකාව T20 තරඟ වල දක්ෂතා පෙන්නුවද ඉන්දීය කණ්ඩායම සමඟ ක්‍රීඩා කල තරඟාවලි දෙක සහ පාකිස්ථානය සමඟ ක්‍රීඩා කල තරඟාවලිය සම්පුර්ණයෙන්ම පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාව දැන් සිටින්නේ ශ්‍රේණිගත කිරීම් වල හොඳ තැනක නොවන අතර එම නිසා ශ්‍රී ලංකාවටත් පසුපසින් සිටින බංගලාදේශය හමුවේ මෙම තරඟ දෙක ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇත.,/p>
අද ක්‍රීඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායමදිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මධුෂංක, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය.

Comments
Post a Comment