අැත්තටම ලංකාව දින්නේ කොහොමද හතුරු නිසාද මෙන්න කවුරුත් නොදත් ලොකුම රහස video
තරග ජය ගත නොහැකිව, අසරණව සිටි දරු පැටවුන් කිහිප දෙනෙකු මහත්වරුන් බවට පත්කළගැලවුම්කාරයකුගේ විශ්මිතසේවය සහ ලෝකයම දෑස් දල්වා බලා සිටින ඔහුගේ රහස් සැලසුම හෙළිකිරීම මගේ උත්සාහයයිශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ක්‍රිකට් ක්‍රීඩාවට වෛර කළ කාලයක් ඔබට මතක දැයි මට සැකයක් ඇත එය නිසැකවම 2017 වසර විය යුතු යැයි මම කියමි එම වසරේ දී ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමසහභාගී වූතරග සංඛ්‍යාව 27කි ඉන් 23ක පරාජය හිමි වූ ශ්‍රී ලංකාව එක්දින තරගාවලි 7ක පරාජය ලබමින් වසරේ අසාර්ථකමප්‍රමුඛ පෙළ ක්‍රිකට් කණ්ඩායම බවට පත්ව තිබිණි ශ්‍රී ලංකාවට ගැලවුම්කරුවෙකුගේවශ්‍යතාවය මතුවන්නේ එම අවාසනාවන්ත තත්වය මධ්‍යයේ දීයි.
පුදුමය නම් එම වසරේ ටෙස්ට් තරගාවලි 6කට සහභාගී වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉන් 3ක් පමණක් පරාජය වී දෙකක් ජයග්‍රහණය කොට එකක් ජය පරාජයෙන් තොරව අවසන් කළ කරුණය එහෙත් එක්දින සහ විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව අන්ත අසරණව සිටියේය එම වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු පූර්ණ තරගාවලි පරාජයන් ප්‍රමාණය (5-0 වශයෙන්) 3කි.
1996 වසරේ සිට බොහෝ කාලයක් තිස්සේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් තුළ පළමු ස්ථාන 4 හෝ 5 අතරරැඳුණුශ්‍රීලංකාකණ්ඩායම සිම්බාබ්වේසහ අයර්ලන්ත කණ්ඩායම් අභියස හිස හංගා ගෙන සිටියේය චන්දික හතුරුසිංහ නම් පෙරළිකාර පුහුණුකරුගේ සේවය ලද බංගලාදේශය ද පළමු වරට ශ්‍රී ලංකාව පසුකොට එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉක්මවා සිටියේය.
අවාසනාවන්ත තත්වය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ පරාජයට හේතු සොයන්නටප්‍රේක්ෂකයන් ඉක්මන් විය පාලකමණ්ඩලයදේශපාලනීකරණයවීඇතැයිකොටසක්කීවේඇතැම් ක්‍රීඩකයන්ට විශේෂ වරප්‍රසාද හිමිවන බැව් තවත් කොටසක් කීවේය මුදලට තරග පාවා දෙන ලද බැව් තවත් කොනකින් ඇසිණි සුදුසු ක්‍රීඩකයන් කණ්ඩායමේ නැතිබැව්තවත්අයකීවේ කණ්ඩායමේ එකමුතුභාවයක් නැතැයි ද ක්‍රීඩකයින්ට සල්ලි පිස්සුව ගසා ඇතැයි අසන්නට ලැබිණි ආබාධ පරාජවලට හේතුව බව තවත් අය කීවේය.
ක්‍රිකට් කියූ සැණින් ඇඟේ මාළු නටන තත්වයට ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයන්ගේ මානසික තත්වය පහතට වැටිණ ලොව හොඳම එක්දින ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ලෙස විරුදාවලි ලැබූ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් තම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙත වාග් ප්‍රහාර එල්ල කරමින් නොනැවතී බෝතල් සහ අබලි ප්‍රහාරයන් ද එල්ල කරන.
තත්වයට පත්විණි කිසිවකු තරග නැරඹීමට ප්‍රියතාවයක් නොදැක්විය අද දිනාවි යැයි ධනාත්මකව විටෙක අන්ධ ධනාත්මක සිතූ ප්‍රේක්ෂකයන්ව විහිළුවට ලක්විය සිම්බාබ්වේ සහ බංගලාදේශය ද ශ්‍රී ලංකාවට පැමිණ පහසු එක්දින ජයග්‍රහණයන් ලැබීය ශ්‍රී ලාංකිකයන් තරග පරදින කඩුලු විසි කරන කම්මැලිකමේ පන්දු යවන ඩපන්දු බිමට බාන කණ්ඩායමකට අත්පුඩි ගසන්නන් බවට පත්ව තිබිණි.
මේක මට හොඳ අවස්ථාවක්මට කිසිම පීඩනයක් නැහැ හොඳ අවස්ථාවක් හැටියටයි මා මෙය දකින්නේ කලකට පසු පැවැත්වුණු සතුටුදායක ක්‍රිකට් මාධ්‍ය හමුවේ දී චන්දික හතුරුසිංහ කීවේය පසුව Cricbuzz හා සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් හතුරුසිංහ ලොවටම වචනයෙන් පිළිතුරු දුන්නේය මාධ්‍යවේදියා මෙසේ කීවේය සමහරු කියනවා ශ්‍රී ලංකාව තමයි පන්දු රැකීමෙන් දුර්වලම කණ්ඩායම කියලා හතුරුසිංහගේ පිළිතුර වූයේ මෙවැන්නකිමම එහෙම හිතන් නැහැ අපි ඒ තරම් දුර්වල නැහැ ඔබ පන්දු රැකීමෙන් හොඳ කණ්ඩායමක් නම්, ඒක ලොකු වාසියක්පන්දු රැකීම ගොඩක් වැදගත් අනෙක් එක තමයි හැම කෙනෙක්ම පන්දු රකින්න ඕන ඔහුට ඉලක්කයක් තිබුණි.
විචාරශීලී ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ද ඊට එකඟ විය ඔවුන් පවා කියා සිටියේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දස්කම්වල කිසිදු අඩුවක් නොමැති බවත් තරග කියවීමේ නොහැකියාවෙන් ක්‍රීඩකයන් පෙලෙන බවත් යඊට අමතරව සමහර ක්‍රීඩකයන්ට අතිමාන්නයක් තිබුණු බව ද දැකිය හැකි විය එය පරාජිත තරග කිහිපයක දී ම අප අත්දුටුවකි.
මම හැමවෙලේම මගේම ක්‍රමයකට තමයි කටයුතු කරන්නේමම කරන්නේ මගේකණ්ඩායම වර්ධනයකරන්නපුළුවන්දේවල්එකකණ්ඩායමක්අනෙක් කණ්ඩායමකින්වෙනස්හතුරුසිංහ මෙසේ කීවේයලංකාව තුළ සිටින දියුණු කළ හැකි ක්‍රීඩකයන් 23 දෙනෙකුගේ සංචිතයක් නිර්මාණය කර ගත් හතුරුසිංහ ඔවුන්ව පුහුණු සැසියකට කැඳවූයේඉන්පසුව ඒ කණ්ඩායම සමඟ ආර් ප්‍රේමදාස පිටියට පා තබා ඔවුන්ට පුහුණු සැසියක් පැවැත්වූයේයමුතු පහරවල් වලින් පමණක් ලකුණු ලැබිය හැකි යැයි සිතන නිරෝෂන් දික්වැල්ලගේ ඇඟටම ඔහු පන්දු යවන යන්ත්‍රය ඉලක්ක කළේය. වේගය ද වැඩි කළේය දෙක තුනක්ම ඔහුගේ ඇඟේ වැද්දුවේය.
තිසර පෙරේරාට ඔහු ලබා දුන්නේ පන්දු යැවීමයි තිසරට ඇඟපතෙන් මෙන්ම ඔලුවෙන් ක්‍රිකට් ගහන හැටි හතුරුසිංහ කීවේයනායකත්වගුණාංගවලින්රිපූර්ණ දිනේෂ් චන්දිමාල්ගේ මන්දගාමී පිතිකරණය පිළිබඳ හතුරුසිංහ කෙළින් අදහසක් දැක්වූයේය අත්දැකීම් බහුල උපුල් තරංගට 2010 දී තමන් පිතිකරණ පුහුණුකරු වශයෙන් ලබා දුන් උපදෙස් නැවත සිහිපත් කළේයඔහු මැන බැලුවේ ක්‍රීඩකයන්ට කෙතරම් කැපවිය හැකි ද යන්නයි කොටින්ම කිවහොත් හතුරුසිංහ ක්‍රීඩකයන්ව මැරෙව්වේය.
මේ සියල්ල අතර පුතෙකුට මෙන් ආදරය අවැසි ක්‍රීඩකයෙකු ඔහුට හමුවිය ඒ අපමණ දස්කම් සහිත වුවත් ඒවා නිසි ලෙස කළමනාකරණය කර ගැනීමේගැටලුවසහනිසි උපදෙස් රහිත වීමේ ගැටලුව සහිත කුසල් මෙන්ඩිස් ඒ වන විට කුසල් ටෙස්ට් සංචිතයෙන් හැලී ගිය ක්‍රීඩකයෙකි ප්‍රේක්ෂකයන්ගේ බැනුම්වලට හසුවූයෙකි එහෙත් ඒ ඔහුගේ වරදකට නොවේ.
මේ බව හඳුනා ගෙන ඔහුව අල්ලා ගත් හතුරුසිංහ ඔහුට වදයක් වී ඔහුගේ ඔලුව හැදුවේය පාසල් සමයේ ආරම්භක පිතිකරුවෙකු වූකුසල් මෙන්ඩිස්ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අංක තුන ස්ථානයේ අතරමංව සිටින බව හතුරුසිංහ හඳුනා ගත්තේයමේ අප කතා කරන්නේ චන්දික හතුරුසිංහ වසර දෙක තුනක් පුරා සිදු කළ ක්‍රිකට් පුහුණුකාරිත්වයක් ගැන නොවේ. මේ සියල්ල කිරීමට ඔහුට ගතවූයේ පැය කිහිපයක් පමණයි.
කණ්ඩායමේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් යළි නායකත්වය ද භාරගත්තේය එහෙත් වැටුණු ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයා නැගිටුවීමට එය ප්‍රමාණවත් වූයේ නැතඉනික්බිතිව ශ්‍රී ලංකාව හතුරුසිංහගේ නායකත්වයෙන් සහභාගී වන පළමු තරගාවලිය එළඹිණි බංගලාදේශයට සමුදී ශ්‍රී ලංකා පුහුණුකාරිත්වය භාරගත් හතුරුසිංහගේ ශ්‍රී ලංකා කණ්ඩායම” දෛවෝපගතව තම ප්‍රථම තරගයට මුහුණ දුන්නේ බංගලාදේශයේදීමයි ඒ සිම්බාබ්වේ ශ්‍රී ලංකා –බංගලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දී යි.
පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 290ක් රැස්කළේ කඩුලු 6ක් පමණක් දැවෙමිනිඊට පිළිතුරු සෙවීමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ යම් වෙනසක් දිස්විය ඒඋනන්දුවයි එහෙත් තරගය අග්ගිස්සේ දී කළ යුතු දෑ හඳුනා නොගත් නිසා ශ්‍රී ලංකාව ලකුණු 12කින් පරාජය විය තිසර පෙරේරා, සුපුරුදු පරිදි මෝඩයෙකු සේ හංවඩු ගැසිණි නිස්කාන්සුවේ දිනන්නට තිබූ තරගය දිනන සූත්‍රය ඔහු අමතක කළ බැවිනි.
හතුරසිංහ බංගලාදේශ ක්‍රිකට් වෙනුවෙන් කළ සේවය අගය කළ බංගලාදේශ ක්‍රීඩකයන්, ශ්‍රී ලංකා බංගලාදේශ එක්දින ක්‍රිකට් තරගය ලංවෙද්දී වහසි බස් දොඩන්නට වූවා පමණක් නොව, පිටියට පිවිසියේම පුපුරන තරහකින් මෙනි හතුරුසිංහ කෙරෙහි තිබූ තරහව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් පිටකරගත් බංගලාදේශ පිතිකරුවන් ලකුණු 320ක් රැස්කළේය. ලකුණු 6කට අඩු දළ වේගයකින් පන්දුවාර 10 අවසන් කළේ අකිල ධනංජය පමණි. පිතිකරණයේ දී සියලු ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වූයේ ආරම්භයන් පමණක් ලබා ගනිමින්.
වැටුණු කණ්ඩායමකට නැගිටින්නට අවැසි වන්නේ එක් ජයග්‍රහණයකි යන්න සිහිකරමින් තෙවන තරගය උදා විය අනිවාර්යයෙන් ජය ගත යුතුව තිබූ එහි දී ඇන්ජලෝ මැතිව්ස් සුපුරුදු ආබාධය හේතුවෙන් කණ්ඩායම හැර ගිය පසු දිනේෂ් චන්දිමාල් නායකත්වය ගෙන තිබිණි පළමුවෙන් පන්දුවට පහර දුන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි තිසර පෙරේරා කඩුලු 4ක් ලබා ගනිමින් සිම්බාබ්වේ මුල්පෙළ මරා දැමුවේය.
තරග දිනවන ක්‍රීඩකයන් ලොව විරල ය තිසර පෙරේරා යනු තනිව තරගයක් දිනවිය හැකි ක්‍රීඩකයෙකි එකම අඩුව නම් ඔහුගේ නුවණ ඔහුගේ පිත්ත හෝ පන්දුව සමඟ මුහු නොවීමයි. ඒ සියල්ල සමබරව මුහුවූ සෑමවිටකම තිසර පෙරේරා තරග ජයග්‍රහණය කර දී ඇත හතුරුසිංහ ඔහුට කළ උපකාරය නම් එය පැහැදිලි කරදීමයි.
එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන 2019 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රමුඛ කාර්යභාරයක් හිමිවන පිරිස නම් වේගපන්දු යවන පිතිකරුවන්එංගලන්තය බෙන් ස්ටෝක්ස් සොයා ගෙන ඇත. ඉන්දියාව හර්දික් පාන්ඩ්යා පසුපසින් සිටියිනවසීලන්තයට එවැන්නන් කිහිප දෙනෙකු ඇත ඕස්ට්‍රේලියාව මාකස් ස්ටොයිනිස්ව සොයා ගත්තේය දකුණු අප්‍රිකාව ලකී ෆෙලුක්වායෝ ගැන විශ්වාසය තබා ඇත අපට සිටින එවැන්නා තිසර පෙරේරාය ඇන්ජලෝ මැතිව්ස්ට පන්දු යැවීම මඟහැරීමත් සමඟ තිසරගෙන් කණ්ඩායමට සිදු විය යුතු සේවය අමතක කළ නොහැක්කකි.
හතුරුසිංහ 2019ට සූදානම් වන්නේ දැන් සිටම ය තිසරගේ දස්කම් සමඟ සිම්බාබ්වේට එරෙහි තරගය කඩුලු 5කින්ජය ගනිමින් ශ්‍රී ලංකාව ජය මාවතට පාතැබුවේයමීළඟ තරගය අපේ ක්‍රිකට්” අපට සිහි කළ තරගයකි බංගලාදේශයට එරෙහිව පැවති එහි දී ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා ආබාධයකට ලක්වූයේ නැවතත් ශ්‍රී ලංකාවට 2017 මතකයන් සිහි කරමිනි. එහෙත් තිලකරත්න ඩිල්ෂාන් නැවතත් පිටිය මත සිටින්නේ යැයි විටෙක සිතිණි.
ධනුෂ්ක ගුණතිලක, තමා කෙතරම් වටිනා ක්‍රීඩකයෙකු දැයි හඳුනා නොගත් තවත් එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක එහෙත් එය වෙනස් වන කාලය උදාවී ඇත වේගවත්ව ලකුණු රැස්කොට, දඟපන්දු වාර 4ක් 5ක් යවා, පන්දු රැකීමෙන් ද ලකුණු 10ක් 15ක් නැවතිය හැකි පන්දු රැකීමෙන් කඩුලු ලබාගෙන තරගයක් වෙනස් කළ හැකි ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයෙකු නැවතත් ශ්‍රී ලංකාවට නොලැබේ යැයි 2017 වසර පුරාවටමඅපි සුසුම් හෙළුවෙමු ඒ ධනුෂ්කව සංචිතයේ තබාගෙනයි ධනුෂ්ක කණ්ඩායමට එන්නේ කුසල් පෙරේරා වෙනුවටයි. පුදුමයකි! හතුරුසිංහට ඔහුගේ හිත හැදීමට හැකිවූ ඉක්මන.
තමීම් ඉක්බාල්ව දවා ගැනීමට මනරම් උඩපන්දුවක් රැක ගත් ධනුෂ්ක, ෂකීබ් අල් හසන්ව දවා ගත්තේ කෙළින්ම කඩුල්ලට එල්ල කළ දුවද්දී දවා ගැනීමක් මඟිනි ලකුණු 82ක් පමණක් ලබාගත් බංගලාදේශ “චන්ඩින්”ගේ ඉලක්කය පන්දු ඕවර 11.5ක් තුළ දී හඹායමින් ධනුෂ්ක ලබාගත් ලකුණු සංඛ්‍යාව නොදැවී 35කි.
තග කිහිපයක් පුරාවට කඩුලු රහිත වූ දුෂ්මන්ත චමීර මෙම තරගයේ දී ලකුණු 6කට කඩුලු 2ක් දවා ගත්තේයහතුරුසිංහමොවුනටඑන්නත් කළේ මොනවා ද? සති කිහිපයකින්? දස්කම් ද? නැත. මානසික ශක්තියයි. සිතීමේ හැකියාවයි නිසි ප්‍රමාණයේ ආත්ම විශ්වාසයයි තමතමන්ගේ රාජකාරියයි තරග දිනන්නන් කෙනෙකුගෙන් හෝ දෙදෙනෙකුගෙන් ලෝක කුසලානයක් ජය ගත නොහැකිය ඊට කණ්ඩායමක්මසිටියයුතුයඋදාහරණයකටඉන්දියානු කණ්ඩායමේ එකොළොස් දෙනාගෙන් 7, 8 දෙනෙකුම තරග දිනවන්නන්ය හතුරුසිංහ මඟ හදන්නේ එවැනි කණ්ඩායමකටයි.
කෙසේ හෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශයයි එම තරගය ජය ගැනීමට බංගලාදේශය කෙතරම් පිඹුරුපත් සැකසුවේ ද යත් දුහුවිල්ලෙන් පිරුණු මන්දගාමී තණතීරුවක් ලබා දී ශ්‍රී ලංකාව අසරණ කිරීම ඔවුන්ගේ උපාය විය එහෙත් චන්දිමාල් කාසියේ වාසිය දිනා ගත්තේය ළමුව පන්දුවට පහර දීම තෝරා ගත්ත ද එය එතරම් පහසු නොවීය. පළමු කඩුල්ල ලකුණු 8 දී බිඳ වැටිණි පන්දුව පිත්තටනාවේයඑහෙත්ඉක්මනින් පන්දුවේ වේගය හඳුනාගත් කුසල් මෙන්ඩිස් පන්දු 9ක දී ලකුණු 28ක් රැස්කළේය ඔහු කඩුල්ල විසිකර නැවත ක්‍රීඩාගාරයට ගියේ අපගේ තරහව උත්සන්න කරමින්.
එහෙත් කඩුල්ලේ රැඳීම පමණක් මෙවැනි තණතීරුවක දී ජයග්‍රහණයට පාර කපන බව හඳුනාගත් උපුල් තරංගදනේෂ් චන්දිමාල්සහනිරෝෂන්දික්වැල්ලසෙමෙන්වුවත් උත්සාහයෙන් ලකුණින් ලකුණ රැස්කොට ලකුණු 200ක් ඉක්මවා යාමේ මඟ කැපුවේය බැලූබැල්මට එය අඩු ලකුණු ප්‍රමාණයක් යැයි සමහරක් ක්‍රිකට් ඔස්තාර්ලාට සිතුණ දතණතීරුවේ ස්වභාවය අනුව එය ඉස්තරම් ලකුණු ප්‍රමාණයක් බව අපි තේරුම් ගත්තෙමු හතුරුසිංහ සාධකයඑතරම් සැඩයශ්‍රී ලංකා ක්‍රීඩකයන් තැනේ හැටියට ඇනේ ගසන්නට ඉගෙන ගනිමින් සිටියි.
ෂෙහාන් මධුශංක නම් නවක වේගපන්දු යවන්නා ඔහු විසින් බංගලාදේශයට රැගෙන ගිය සංචිතයේ අලුත් අවියකි මාධ්‍යවේදීන් ඔහුගැනප්‍රශ්නකරද්දී හතුරුසිංහ මෙසේ කීවේයඑයා ඇවිල්ල තියෙන්නෙ අපේ ලෝන්ග් ටර්ම් ප්ලෑන් (Long term plan) එකට අපි හිතන්නෙ අපිට එයා වගේ පේස් (Pace) තියෙන එක්කෙනෙක් දැන ඕන වර්ල්ඩ් කප් (World cup) එකට යද්දි අපට බෝලර්ස්ලා (Fast bowlers) 7ක් වත් ඉන්න ඕන.
එහෙත් ෂෙහාන් මධුශංකව යොදා ගැනීමට ඔහු 2019 වන තෙක් කල්මැරුවේ නැත පීඩනාත්මක අවසන් මහා තරගයේ දී ඔහුව පිටියට ගෙන ආවේය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් මෑතක දී මංගල තරගවලට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු අසාර්ථක ය එහෙත් ෂෙහාන් මධුශංක කඩුලු ත්‍රිත්වයක් ද ලබාගෙන ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් විය. එය ද හතුරුසිංහගේ මානසික එන්නතේ එක් විශ්වකර්මයකි.
ශ්‍රී ලංකාව වසරකට පසුව (වසර 100ක් මෙන් දැනුණු) එක්දින ක්‍රිකට් ශූරතාවයක් දිනා ගත්තේ එසේයිඉන් පසුව එළඹෙන්නේ ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරගාවලියයි. එම ජයග්‍රහණය අලුත් නැත. රංගන හේරත්ගේ වසර 20කට අධික අත්දැකීමුත් දිල්රුවන් පෙරේරාගේ තුන් ඉරියව් දස්කමුත් එකතු වනකල ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වෙනත්ම කණ්ඩායමකි එහෙත් කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා,රොෂේන් සිල්වා වැනි පිතිකරුවන්ගෙන්ලදදායකත්වයද සුරංග ලක්මාල්ගේ රතු පන්දු දෝලනය ද ටෙස්ට් ජයග්‍රහණයේ වැදගත් කොටස් විය රංගන ලොව වැඩිම කඩුලුලාභී වමත් පන්දු යවන්නා බවට පත්වූයේ මෙම තරගාවලියේ දී යි.
දෙවන ටෙස්ට් තරගය ගැන විශේෂයෙන් සිහි කර ගනිමු අඩු ලකුණු වාර්තා වූ ටෙස්ට් තරගයක් වූ එහි දී තරගය කියවීමට ක්‍රීඩකයන්ව හොඳින් පුහුණුකොටතිබුණුබවඅපි දුටුවෙමු සැසියෙන් සැසිය ජය ගැනීම ටෙස්ට් තරගයක ජය ඔබට දෙන්නකි යන්න එහි දී නිතර නිතර සිහි වි විස්සයිවිස්ස තරග 2 දී අප ලද විශේෂ වස්තුව නම් කුසල් මෙන්ඩිස් නම් තරග වෙනස් කරන පිතිකරුගේ සොයා ගැනීමයි එම තරග දෙකෙහි දී ම පැතලි තණතීරු ලැබුණු අතර ප්‍රතිවාදීන්ට කිසිදු ඉඩක් නොතබමින් කුසල් තරග ශ්‍රී ලංකාව දෙසට හැරවූයේය තිසර,ධනුෂ්ක දසුන් ශානක තම වටිනාකම් හඳුනා ගෙන ක්‍රීඩා කළේය.
දසුන් ශානක ශ්‍රී ලංකාව තුළ ප්‍රකටව ඇත්තේ හයේ පහරවල් එල්ල කරන ක්‍රීඩකයෙකු ලෙසයි එහෙත් දක්ෂ පන්දු යවන්නෙකු දක්ෂ පන්දු රකින්නෙකුසහවේගයෙන් පන්දුවට පහර දෙන පිතිකරුවෙකු වන ඔහුව යොදා ගැනුණේ ඔහුට දස්කම් දැක්වීමට නොහැකි වන පරිදි පිතිකරණ ලැයිස්තුවේ පහළිනි ඇන්ජලෝ මැතිව්ස් දිගින් දිගටම ආබාධවලට ලක්වන යුගයක විස්සයි-විස්ස.තරග සඳහා සුදුසු මැදපෙළ පිතිකරුවෙකු වශයෙන් හතුරුසිංහ දසුන් ශානකව යොදා ගත්තා පමණක් නොව ඔහුව සම්පූර්ණයෙන්ම කපටියෙකු බවට පත්කොට තිබිණි තරග දෙකෙහි දී ම ඔහු කිසිදු කලබලයකින් තොරව 175කට වැඩි ප්‍රහාරක වේගයක් පවත්වා ගනිමින් නොදැවී ලකුණු 42ක් සහ 30 වශයෙන් මුළු ලකුණු 72ක් ලබා ගත්තේය.
හතුරුසිංහ පැමිණ කණ්ඩායම උඩු යටිකුරු කළේ නැත ක්‍රීඩකයන් එම ක්‍රීඩකයන්මය ක්‍රිකට් අංගන ද ඒවාමය පාලක මණ්ඩලය ද එයමඑහෙත් අලුතින් එක්වූයේ හතුරුසිංහගේ මානසික එන්නත ය එකිනෙකාගේ වෙනස් රාජකාරි පැහැදිලි කරන උපදේශනාත්මකවදන්ය වැටුණු කණ්ඩායම්නැගිටුවනඑන්නතනම්එය තරග නොකියවන ක්‍රීඩකයන්ට සාක්ෂරතාවය ලබා දෙන එන්නත එය ය.
මේ ගමන දිගු ගමනකි බංගලාදේශ සංචාරය ජය ගැනීමෙන් පමණක් සියල්ල සාර්ථක නොවේ හතුරුසිංහගේ සැලසුමත් එය නොවේ ඔහු කණ්ඩායමේ අනුපිළිවෙළ වෙත ගෙන ආ සුමට වෙනස්කම් මට නම් කියාපාන්නේ 2019 ලෝක කුසලානයේ සිහිනය ඔහුට දැඩිව පෙනෙන බවයහතුරුසිංහ ලොව.
වටා කණ්ඩායම් පුහුණුකොට ඇත සාමාන්‍ය ක්‍රීඩකයන් ශ්‍රේෂ්ඨයන් බවට පත්කොට ඇතශූරතා දිනාගෙන ඇත එහෙත් ලෝක කුසලානයක පහස විඳ නොමැතබංගලාදේශයට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩනැගීමෙන් එම සිහිනය කරා යන වේගය වැඩිකරගත හැක මව්බිමට ලෝක කුසලානයක් ගෙන ඒම ඔහුට මෙන්ම අපට ද 22 වසරක් පුරාවට පෙනෙන සිහිනයකි ඉදින් සියලු ලාංකිකයන් පතන්නේ එකම පැතුමකි චන්දික හතුරුසිංහ ඔබේ සිහින සැබෑවේවා.

Comments
Post a Comment