‘කණ්ඩායම් දෙකෙන්ම ලකුණු 488ක් විස්සයි විස්ස ඉතිහාසය වෙනස් කළ තරගය මෙන්න මොරු කැන්ගරු සටන video

එංගලන්තය නවසීලන්තය හා ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම් අතර පැවැත්වෙන් තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 05ක වාර්තාගත ජයක් හිමිකරගැනීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත්විජයග‍්‍රහණය සදහා ලකුණු 244ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඔස්ටෙ‍්‍ර්ලියානු කන්ඩායම පන්දු 07ක් ඉතිරිව තිබියදී ජයග‍්‍රහණය තහවුරු කරගත්තේයවිස්සයි විස්ස තරග ඉතිහාසයේ.

හඹා ගොස් ජයගත් ඉහළම ලකුණු සංඛාව ලෙසද එය වාර්තා අතරට එක්විය.ආරම්භයේ සිටම නවසීලන්ත පන්දු යවන්නනට අනුකම්පා විරහිත ප‍්‍රහාරයක් දියත් කළ කැන්ගරු ආරම්භක පිතිකරුවන් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 121ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්විය.

එහිදී නායක ඩේවඩ් වෝනර් පන්දු 24කදී හයේ පහර 05ක් හා හතරේ පහර 04ක් සමගින් ලකුණු 59ක් රැුස් කළ අතර මැතිව් ශෝට් පන්දු 44කදී හයේ පහර 03ක් හා හතරේ පහර 08ක් සමගින් ලකුණු 76ක් රැුස් කළේය තරගයේ අවසන් භාගයේ ඇරොන් ෆින්ච් හා ග්ලේන් මැක්ස්වෙල් නවසීලන්ත පන්දුයවන්නනට හට එළව එළවා පහරදුන් අතර මැක්ස්වෙල් ලකුණු 31ක්ද ෆින්ච් නොදැවී වේගවත් ලකුණු 36ක්ද ලබා ගත්හ.

<[p>කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස ඉතිහාසයේ නවසීලන්ත කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛයාව සමකරමින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06කට ලකුණු 243ක් රැස් කිරීමට සමත්වි එහිදී ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල්.

ජාත්‍යන්තර විස්සයි 20 තරග කාණ්ඩයේ වැඩිම ලකුණූ ලබාගත් පිතිකරුවා බවට පත් වෙමින් ශතකයක් වාර්තා කිරීමට සමත් විය.මීන් පෙර විස්සයි 20 වැඩිම ලකුණු ලාභියාව සිටි නවසීලන්ත ක්‍රීඩක බෙන්ඩම්මකලම් ලබා සිටි ලකුණු 2140 අභිබවා යමින් ගප්ටිල් මෙම දක්ෂතාවය දැක්වීමට සමත් එ අනුව ඔහු ලකුණූ 2188 ක් ලබා සිටියි.

කොලින් මුන්රෝ සමග එක්වෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 132ක් එක් කළ ගප්ටිල් දැවී යන විට පන්දු 54කදී හයේ පහර 09ක් හා හතරේ පහර 06ක් සමගින් ලකුණු 105ක් රැස් කරගෙන සිටියේයමුන්රෝ පන්දු 33කදී හයේ පහර 06ක් හා හතරේ පහර 06ක් සමගින් ලකුණු76ක් රැස් කළේය පහත එකෙන් නරඹන්න

Comments

Popular posts from this blog

‘මම මෙතැන ඉන්නකම් ඒක වෙන්නේ නෑ..’ජීවන් ආපු විදියට එන්නත් පුළුවන් වැඩ බැරිනම් යවන්නත් පුළුවන්..මෙන්න ජිවන්ට වෙන දේ

අැත්තටම ලංකාව දින්නේ කොහොමද හතුරු නිසාද මෙන්න කවුරුත් නොදත් ලොකුම රහස video

ක්‍රිකට් ලොලියෙක් $ 50,000 දින්න සුපිරි උඩ පන්දුව මෙන්න බලන්නකො වාසනාව අතටම ආපු විදිය video