‘හොදම තුන්දෙනෙක් නැතුව ගැහුවේ..එයා හිටියත් ඔච්චර තමයි’-බංගලාදේශ මාධ්‍යට ධනුෂ්කගෙන් මනරම් පිළිතුරක් VIDEO
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ බංගලාදේශ කණ්ඩායම පළමු T20 තරඟයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයට මුලිකත්වය ගත් ක්‍රීඩකයෙකු ලෙස ධනුෂ්ක ගුණතිලක හැඳින්විය හැක.ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් බංගලාදේශ ඉනිමේ කඩුලු ලබාගැනීම ආරම්භ කල අතර පවර් ප්ලේ අවස්ථාවේ පන්දු යවමින් පන්දුවාර දෙකක් යවා ලකුණු 16ක් ලබාදී ආරම්භක පිතිකරුවාගේ කඩුල්ලද දවා ගැනීමට සමත් විය.
ඉන්පසුව ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණ පන්දු 15ක් තුල ලකුණු 30 ක් ලබාදුන් ධනුෂ්ක පන්දු රකින්නෙකු ලෙසද බංගලාදේශ ලකුණු රැසක් නතර කරන ආකාරය දැකගත හැකි විය.
මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පිටුපස සිටි යෝධ සෙවනැල්ලක් වූ ධනුෂ්ක තරඟයෙන් අනතුරුව මාද්‍ය වෙත ජයග්‍රහණය ගැන අදහස් දක්වා තිබිණි.
“මේක පිතිකරුවන්ට හොඳ තණතිල්ලක්,අපි ආරම්භයේම කතා කලේ වැඩි අවධානමක් ගන්නේ නැතුව සාමාන්‍ය විදියට ලකුණු ගනිමු කියල.ලකුණු 190 කියන්නේ අපේ පිතිකරුවෝ බැලුවම මේ වගේ තණතිල්ලක ඒ තරම් ලොකු ලකුණු ගානක් නෙවෙයි.අපි හොඳ ආරම්භයක් ගැනීම එක්ක ඔවුන් පීඩනයට පත් වුනා,මම හිතන්නේ එතනින් ආයි ගොඩ එන්න බැරි වුනා බංගලාදේශ කණ්ඩායමට.
ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශයේ සාර්ථක වී ඇති බවත් බංගලාදේශ කණ්ඩායම දුර්වල වී ඇති බව පෙනෙන්නට නැති බවද ධනුෂ්ක පවසා ඇත.”මම හිතන්නේ අපි එක්දින ,ටෙස්ට් වගේම දැන් T20 තරඟාවලියත් හොඳට කරලා තියනවා.මම හිතන්නේ මේක අපේ කණ්ඩායමේ වර්ධනයක්,බංගලාදේශය පහුගිය කාලේ ඔවුන්ගේ රටේ හොඳටම කරලා තියනවා,ඒ නිසා කොයි වෙලාවකවත් අපිට කියන්න බෑ ඔවුන් දුර්වල කණ්ඩායමක් කියල.T20 කණ්ඩායම ගත්තත් BPL හොඳටම සෙල්ලම් කරපු අය තමයි කණ්ඩායමට ඇවිල්ල තියෙන්නේ.
ඇතැම් බංගලාදේශ මාද්‍ය බංගලාදේශය පරාජය වෙන සෑම අවස්ථාවකම මේ තරඟාවලියට ෂකීබ් නැති වීමේ පාඩුව ඉස්මතු කිරීම ගැනද ධනුෂ්ක මෙහිදී තම අදහස් දක්වා ඇත.
ඇත්ත අපි පිලිගන්නවා ෂකීබ් කියන්නේ හොඳ ක්‍රීඩකයෙක් කියල,ඔහු නැති එක බංගලාදේශයට පාඩුවක් වෙන්නත් ඇති,හැබැයි මේ පරාජයන්ට හේතුව ෂකීබ් නැති එක කියල එයාල කියන්නේ කොහොමද,අපේ කණ්ඩායමේ නායකයා වගේම තුන් ඉරියව්වෙන් දක්ෂතා පෙන්වන ඇන්ජලෝ අපිට නෑ,පහුගිය කාලේ T 20 තරඟ වල හොඳටම කල අසේල වගේම ,කුසල් ජනිතුත් නැතුව තමයි අපි මේ දිනන්නේ ඒ නිසා,ෂකීබ් හිටියත් වෙන්නෙත් මේ දේම තමයි.

Comments
Post a Comment