මම දන්නේ නෑ කුසල් අයියා අවොත් මොකද වෙන්නෙ කියලා තරගයෙන් පසු සිංහලින්ම හිනා වෙවි කුසල් කියු කතාව මෙන්න video
ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතරපැවැතිදෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 75ක විශිෂ්ට ජයක් හිමිකරගනිමින් විස්සයි විස්ස තරගාවලිය ජයගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය.
එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 70ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානය හිමිකරගැනීමට සමත්විය පළමු තරගයේදී මෙන් ආරම්භයේ සිටම බංගලාදේශ පන්දු යවන්නනට වැරෙන් පහරදුන් මෙන්ඩිස් පන්දු 42ක් තුළ වේගවත් ඉනිමක් ක‍්රමින්ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඉහළ ලකුණු පුවරුවක් සකසා දීමට සමත්විය.
තරගයෙන් අනතුරුව ඒ පිළිබදව අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස් පවසා සිටියේ කලින් සැලසුම් කළ පරිදිම තම කණ්ඩායම ලොකු ලකුණු ප‍්‍රමාණයක් ලබා ගැනීමට හැකි වූ බවයි.
මම ගොඩක් ෆ‍්‍රැක්ටිස් කළා..කෝච්, බැටින් කෝච්, ස්ටාෆ් එකේ හැමෝම කණ්ඩායමේ ඉන්න සියලුදෙනාම මට ගොඩක් උදව් කළා.මට කිව්වා කලින් මැච් එකේ වගේ නොර්මල් ගේම් එක ගහන්න..ඔයාට පුලුවන් විදයට සෙල්ලම් කරන්න කියලා..මට ලොකු පීඩනයක් තිබුණෙනඉතින් මම මගේ නෝමල් ගේම් එක සෙල්ලම් කළා.
විකට්ටුව පිතිකරුවන් ගොඩක් හොදයි.අපේ ටීම් එක මුලින් කතා වුනේ මුලින් බැට් කරන්න උනොත් ලොකු ස්කොර් එකක් ගහනව කියලා..අපේ සැලසුමේ විදියමට අපිට ඒ දේ කරන්න පුලුවන් උනාබෝලර්ස්ලා හොදට බෝල් කරා..පින්න තිබුණත් අපේ බෝලර්ස්ලා හොදට බෝල් කලාහොද තරගාවලියක්ටී ක වෙනුවෙන් ගොඩක්සතුටයි.
එහිදී කුසල් මෙන්ඩිස් අබාධයට ලක්වූ කුසල් ජනිත් යළි කණ්ඩායමට පැමිණියහොත් සිය ස්ථානයට කුමක්වේවිද යන්නමසූපැනයටපවසා සිටියේ මෙවන් පිළිතුරකිමම දන්නේ නෑ කුසල් අයියා අවොත් මොකද වෙන්නේ කියලා එයා කලින් තරගාවලිය හොදට කළා.

Comments
Post a Comment