සිංහයො නැවත ලොවම බිය කරමින් බෝල පැලෙන්න ගහලා යෝධ ඉලක්කයක් පසුකර ගියේ මෙහෙමයි video

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද 15 වැනිදා පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 06ක විශිෂ්ට ජයක් හිමිකරගැනිමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්විය.අවසන් විස්සයි විස්ස තරග අටම පරාජයට පත්ව සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම ජයත් සමග එම පරාජයන් වැලට තිත තැබිමට සමත්විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 194ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංක කණ්ඩායම පන්දුවාර 16.4කදී කඩුලු 04ක් පමණක් දැවී සිය ජයග‍්‍රහණය තහවුරු කර ගත්හ එහිදී කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක වේගවත් ආරම්භයක් ලබාගනිමින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක් එක් කළේය. පන්දු 15කදි ලකුණු 30ක් ලබා සිටි ධනුෂ්ක දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණු අතර අනතුරුව කුසල් මෙන්ඩිස් වේගවත් ප‍්‍රහාරයක් දියත් කරමින් පන්දු 27කදී වේගවත්ලකුණු 53ක් එක් කිරිමට සමත්විය.

තරංග සමග එක්වෙමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 37ක් එක් කළ කුසල් දැවී යන විට හයේ පහර 02ක්හාහතරේපහර08ක්සියඉනිමටක්කොටතිබුණුනතුරුව උපුල් තරංග(4) හා නිරෝෂන් දික්වැල්ල(11) දැවී යාමෙන් අනතුරුව පිටියට එක්වූ දසුන් ශානක හා තිසරෙ පෙරේරා වේගවත් ප‍්‍රහාරයක් දියත් කරමින්පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 65ක සම්බන්ධතාවක් පවත්වමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

එහිදී දසුන් ශානක පන්දු 24කදී හයේ පහර 03ක් හා හතරේ පහර 03ක් සමගින් නොදැවී ලකුණු 42ක් රැස් කළ අතර තිසර පන්දු 18කදී හයේ පහර 03ක් හා හතරේ පහර 04ක් සමගින් නොදැවී ලකුණු 39ක් රැස් කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 දැවී ලකුණු 193 ක් ලබාගත්තේය එය බංග්ලාදේශ කණ්ඩායමක් විස්සයි20 තරගයකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක් වූ අතර 2012 වසරේදී අයර්ලන්තයට බෙල්ෆාස්හිදී ලබාගත් ලකුණු 190 මෙතෙක් බංග්ලාදේශ කණ්ඩායමක් රැස්කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය.

අනුකම්පා විරහිත පිතිහරඹයක නිතර වූ මුෂ්ෆිකුර් රහීම් නොදැවී 66 සහ නායක මහමදුල්ලා රියාද්43සිවුවැනිකඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 73 කවේගවත්ම්න්ධතාවක් ගොඩනගමින් බංග්ලාදේශ ඉනිම ලකුණු 200 සීමාව ආසන්නයටම රැගෙන ගියහ ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ අකිල ධනංජය අතට උඩ පන්දුවක් දෙමින් මහමදුල්ලා දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳවැටිණ අතර බංග්ලාදේශයට ලකුණු 200 සීමාව පසුකර යෑමට තිබූ අවස්ථාවද මඟහැරී ගියේය.

පන්දු 44 කදී වාර්තා වූ රහීම්ගේ දෙවැනි විස්සයි20 අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත වූ අතර පන්දු 31 කදී වාර්තා වූ මහමදුල්ලාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත්වියමහමදුල්ලාගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි සබීර් රෙහෙමාන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර තිසර පෙරේරාගේ පන්දුවක් පා ඉන්නේ වැදීම නිසා ඔහුට ආපයින්ම ආපසු ක්‍රීඩාගාරය වෙත පියමන් කිරීමට සිදුවිය.

පන්දු 32 කදී සිය මංගල විස්සයි20 අර්ධ ශතකය ලබාගත් සෞම්‍ය සර්කාර්, එය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් අලංකාර කළේයසකීර් හසන් 10) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 24 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සර්කාර්, ඉන් නොනැවතී මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 66) සමග එක්ව පන්දු 37 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

බංග්ලාදේශ ඉනිමේ 11 වැනි ඕවරය යැවූ ජීවන් මෙන්ඩිස් එම ඕවරයේ පළමු පන්දුවේදීම සෞම්‍ය සර්කාර් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට සමත් විය මෙන්ඩිස්ගේ කෙටි පන්දුවකට රිවස් ස්වීප් පහරක් ගැසීමට යාමේදී පිට ඉන්න කෙලින් පතිත වූ පන්දුව පසුපස පාදයේ වැදීම නිසා සාර්කාර්ගේ වේගවත් ඉනිම නිමාවට පත්විය.

එම ඕවරයේම තෙවැනි පන්දුවේදී අෆීෆ් හුසේන්ද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මෙන්ඩිස් සමත් වූයේ කඩුලු රකින නිරෝෂන්දික්වැල්ලගේසහායදසමගිනිඑහිදී හුසේන්ගේ වම් අතේ වැලමිටේ වැදී පිත්ත මත පතිත වූ පන්දුව, උඩ පන්දුවක් ලෙස රැකගැනීමට දික්වැල්ල සමත් වීමත් සමග ඔහුට ලකුණු නොළබාම පිටියෙන් ඉවත් වීයට සිදුවිය.

සෞම්‍ය සර්කාර් ලකුණු 12 ක් ලබා සිටියදී ධනුෂ්ක ගුණතිලකගේ පන්දුවක් හමුවේ ඔහු අතටම ලබාදුන් උඩ පන්දුවක් රැකගැනීමට අසමත් වුවද, බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සකීර් හසන්ගේ කඩුල්ල බිඳ දැමීමට ගුණතිලක සමත් විය.

Comments

Popular posts from this blog

‘මම මෙතැන ඉන්නකම් ඒක වෙන්නේ නෑ..’ජීවන් ආපු විදියට එන්නත් පුළුවන් වැඩ බැරිනම් යවන්නත් පුළුවන්..මෙන්න ජිවන්ට වෙන දේ

අැත්තටම ලංකාව දින්නේ කොහොමද හතුරු නිසාද මෙන්න කවුරුත් නොදත් ලොකුම රහස video

ක්‍රිකට් ලොලියෙක් $ 50,000 දින්න සුපිරි උඩ පන්දුව මෙන්න බලන්නකො වාසනාව අතටම ආපු විදිය video