අකිලගේ අලුත් කසාදය හා පරණ කසාදය බලන්නකො අකිලගේ ජිවන කතාව video

කසාදය යනු තනිකඩයාට මැජික් එකකි විවාහකයාට කැපකිරීම් කිරීම අනිවාර්ය කරන්නකි ටෙස්ට් ක්‍රිකට්ක්‍රීඩාවත් එසේමය තරුණ මදය වැනි සීමිත පන්දුවාර ක්‍රිකට් සැණකෙළි පසෙක ලා පරිණතභාවය නම් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස එහි රැඳී සිටින්නට ක්‍රිකට් ක්‍රීඩකයෙකු මහත් කැපකිරීම් කළ යුතුය අදින් පසුව මේ අභියෝගය හිමිවන නවතම ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකාවේ අකිල ධනංජයයි පානදුරේඋපන්මේ හීන්දෑරිදඟකාර කළු කොල්ලාට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමේ වරම හිමිවීම සැබවින්ම සුරංගනා කතාවක් මෙන් කතාවකි.

2012 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර පැවති ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් SLPL විස්සයි-විස්ස ක්‍රිකට් තරගාවලියතුළ යඹයුනයිටඩ් නම් කණ්ඩායමේ නායකත්වය දැරුවේ දැවැන්ත ප්‍රතිරූපයකි ඒ එවකට ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධනයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පුහුණු දැල්තුළ පිතිකරණයේ යෙදෙමින් සිටිය ඔවුනට පන්දු යැවීමට ආධුනික කොල්ලෝ කුරුට්ටෝ පැමිණීම සාමාන්‍ය සිද්ධියකි.

එහෙත් මහේලට පන්දු යැවූ පානදුර මහානාම විද්‍යාලයේ මේ ආධුනික කොලුගැටයා හොඳ විවිධාංගීකරණයන් සහිතව මෙන්ම හොඳ ආනතියකින් Loopපන්දු යවන බව මහේලට දිස්වියමට කවුරුත් කතා කළේ නෑ ඒත් මං පන්දු යැවුවාට පස්සෙ හැමෝම කතා වුනේ මං ගැනයි මගෙ ගුග්ලිය ගොඩක් දෙනෙක්ට කියවන්න ලේසි වුනේ නෑ අකිල espn හා තම මතකය අවධි කළේ එලෙසින්ඔහුට අවස්ථාවක් ලබා දීම සුදුසු යැයි මහේල තීරණය කරන්නේ එබැවිනි අත්දැකීම් බහුල ලෝකයම පිළිගත් පිතිකරුවෙකු යනු මහේල වැනි සුපිරි ඇසක් සහිත පිතිකරුවෙකු බව අපට නැවතත් පැහැදිලිය.

වයඹ යුනයිටඩ් කණ්ඩායම හා එක්ව ප්‍රතිවාදී පිතිකරුවන්ටඇතැම් විට දිවයිනේ නම ගිය පිතිකරුවන් අභියෝගයක් වූ මේ තරුණ ගැටයා මහේලගේ සිත් ගත්තේය ශ්‍රී ලංකාව තුළම පැවති 2012 ලෝක කුසලානය සඳහා එක්වන 15 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතයට අකිල ධනංජය සුදුස්සෙකු බැව් මහේල තීරණය කරන්නේ ඉන් පසුවය.

අකිල ධනංජය SLPL තරගාවලිය අතරතුර දැක්වූ දස්කම්අවංකවම කිව්වොත් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා නොකළ ක්‍රීඩකයෙකු හැටියට ඔහු ලොකු පරිණතභාවයක් පෙන්නුවාඒ නිසා තේරීම් කමිටුවට වගේම මටත් විශ්වාසයි ඔහුට මේ මට්ටමේ දස්කම් දක්වන්න පුළුවන් කියලා මහේල ලෝක කුසලානයට පෙර අකිලව පැසසුවේ එලෙසින්.

එකදු පළමු පෙළ තරගයක් හෝ ක්‍රීඩා කොට නොතිබූ අකිලව ලෝක කුසලානය සඳහා යන ශ්‍රී ලංකා විස්සයි-විස්ස සංචිතයට එක්කර ගැනීම පිළිබඳව යම්ගැටලුකාරී තත්වයන් ද ඇති නොවුනා නොවේ එහෙත් එකම ආකාරයේ පාලනයක් සහිතව පිට දඟපන්දු පා දඟපන්දු ගුග්ලි සහ කැරම් පන්දු යැවීමේ දක්ෂතාවය තිබූ මේ ගැටයා හට අවස්ථාවක් දීමට මහේල සහ එවක පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් පසුබට වූයේ නැත. ශ්‍රී ලංකාව ලෝක කුසලාන කාණ්ඩ තරග දෙකකට සහභාගී වූ පසු අකිලගේ මංගල ජාත්‍යන්තර තරගය පැවතියේ නවසීලන්තයට එරෙහිවයි.

එහි දී තම පළමු පන්දු ඕවරය තුළ දී ම මාටින් ගප්ටිල්ව දවාගත් අකිල මහේලගේ විශ්වාසය තහවුරු කළේය එහෙත් ආධුනිකයාට ලැබුණු භියෝගයවසන්නොවීයරොබ් නිකොල් එල්ල කළ පහරක් කෙළින්ම අකිලගේ මුහුණේ වැදිණි ප්‍රේක්ෂකයන් වූ අප එහි දී කනගාටු වූයේ ඔහු ශ්‍රී ලාංකිකයෙකු වීම නිසාම පමණක් නොව ඔහු වයස අවුරුදු 20 වත් පසු නොකළ, පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා නොකළ සැබෑ ආධුනිකයෙකු වීම නිසාය.

එහෙත් ජාත්‍යන්තරයට තමන්ගේ සූදානම මනාව තහවුරුකරමින්දිමුණු මුහුණක් සහිතවපිටියේ රැඳුණු අකිල තමාගේ මීළඟ පන්දුඕවරයේ දීම රොබ්නිකොල්ව දවා ගත්තේය තරගය පුරාවට කඩුලු දෙකක් දවා ගන්නට ඔහු සමත්ව තිබිණිශ්‍රී ලංකාව එම තරගය සුපිරි පන්දුවාරයකට පසුව ජයගත්තේය.

එතනින් නොනැවතුණු ඔහු 2012 විස්සයි-විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට සහභාගී වූයේ රංගන හේරත්ගේ ආදේශකය ලෙසයි එහි දී ශ්‍රී ලංකාව පරාජය වුවත් ශ්‍රී ලංකාවේ අනාගතයට වැදගත් ක්‍රීඩකයෙකු අපට හමු විය එතැන් සිට අප දුටුවේ ඔහුගේ ක්‍රිකට් දිවියේ නිහඬ කාලයකි2012 ලබා දුන්එකමඑක්දින තරගයකට පසු ඔහුව ඉවතලන්නට හේතු අපි නොදනිමු ශ්‍රී ලංකාවට ආක්‍රමණශීලී දඟපන්දු යවන්නෙකු අත්‍යාවශ්‍යව සිටිය දී බොහෝ දෙනා උත්සාහ කර පැරදී ගියේය එහෙත් අකිලට එම අවස්ථාව ලැබෙන්නට තවත් වසර 5ක් බලා සිටින්නට සිදු විය.

2017 සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පවා ශ්‍රී ලංකාව අසරණව සිටිය දී අකිලට අවස්ථාවක් ලැබිණිහුඑහිදීකඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 47ක් පමණක් ලබා දෙමින් ඉන්පසුව එළඹෙන්නේ ඔහුගේ විවාහයයි එහෙත් කිසිවෙකු ඒ බව නොසෙවුවේය ඒ අකිල පොඩ්ඩෙක් වූ බැවිනි.

මීළඟ තරගාවලියේ දී ඉන්දියාවට එරෙහිව ලැබුණු තරගයේ දී අකිල ශ්‍රී ලංකාව ළිං අඩියේ සිට ඉහළට ඇද්දේ තනිවමයවිරාත්කෝලි රෝහිත් ශර්මා වැනි දඟපන්දු විශේෂඥයින් සියල්ලම දවාගත් ඔහු තරගය අවසානයේ ලකුණු 54ක් ලබා දී කඩුලු 6ක් දවාගෙන තිබිණි පසුවඅකිලගේ විවාහය සහ බිරිඳගේ වාසනා මහිමය ගැනවිනෝදාත්මක සහ උද්යෝගිමත් කතාබහක් ඇතිවිය අකිල සැණෙකින් ලොක්කෙක් වී තිබිණි ශ්‍රී ලාංකික ගතිය කෙසේ වුවත් එසේමයඅප හුරේ දමන්නේ දිනන දාට පමණය.

අකිල ඉන්දියාවට එරෙහිව වාර්තා කළ 54/6 ශ්‍රී ලංකාව වෙනුවෙන් 2012 වසරට පසුව වාර්තා වූ සාර්ථකම එක්දින පන්දු යැවීමයිවාසනාවන්ත කාරණය නම්රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා ටෙස්ට් පිටියේ කළ දඟපන්දු හරඹවලින් කලකට පසුව එක්දින පිටියේ දඟ දැමිය හැකි ආක්‍රමණශීලී දඟපන්දු යවන්නෙකු අපට හමුවීමයි.

දැන් එළඹ ඇත්තේ රංගන හේරත්ගේ ක්‍රිකට් දිවියේ අවසන් වසර කිහිපයයි දිල්රුවන් පෙරේරා ද වයස අවුරුදු 32 ඉක්මවා ඇතඉදින්අප නවක ටෙස්ට් දඟපන්දු තරුවක් අත්හදා බැලිය යුතුය. චන්දික හතුරුසිංහ නම් කෙළින් පුහුණුකරු දිවයිනට පැමිණීමත් සමඟ ඊට අවස්ථාවහොඳින් විවර විණ එය පිටිය මත පර්යේෂණය කොට බලන්නට ලැබෙන පළමු අවස්ථාව අද දිනයයි බංගලාදේශය සමඟ පැවැත්වෙන 2018 තරගවාරයේ දෙවන ටෙස්ට් තරගය අකිල ධනංජයට ටෙස්ට් වරම් ලබා දී ඇත. එබැවින් මෙය අකිලගේ දෙවන විවහය ලෙස සලකන්නට ද අකිලට හැකිය.

පළමු විවාහයෙන් පසු ශ්‍රී ලංකා එක්දින ජාතික කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු යවන්නා බවට පත්වීමේ අවස්ථාව ලැබුණු ඔහුට අප පතන්නේ දෙවන විවාහයෙන් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් ජාතික කණ්ඩායමේ ද ප්‍රකට දඟපන්දු තරුවක් වීමේ අවස්ථාව ලැබේවා යන්නයි ඉදින් අප තවත් රංගන කෙනෙකු හෝ මුරලි කෙනෙකු නොසොයා අලුත්අකකෙනෙකුට හැදෙන්නට ඉඩ දෙමු.

Comments

Popular posts from this blog

‘මම මෙතැන ඉන්නකම් ඒක වෙන්නේ නෑ..’ජීවන් ආපු විදියට එන්නත් පුළුවන් වැඩ බැරිනම් යවන්නත් පුළුවන්..මෙන්න ජිවන්ට වෙන දේ

අැත්තටම ලංකාව දින්නේ කොහොමද හතුරු නිසාද මෙන්න කවුරුත් නොදත් ලොකුම රහස video

ක්‍රිකට් ලොලියෙක් $ 50,000 දින්න සුපිරි උඩ පන්දුව මෙන්න බලන්නකො වාසනාව අතටම ආපු විදිය video